Tuesday, May 14, 2024

General line - 0115112241

යුද හමුදාවේ දස දහසකට උසස් වීම්




අදට යෙදී ඇති ශ්‍රී ලංකා යුද හමුදාවේ 72වන සංවත්සරය නිමිත්තෙන් නිලධාරීන් 567 දෙනෙකු සහ සෙසු නිලයන් 10,369 දෙනෙකුට උසස් වීම් ලබා දී තිබෙනවා. 

ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුවයි. 

ඒ අනුව බ්‍රිගෙඩියර් නිලයේ ජේ්‍යෂ්ඨ නිලධාරීන් 07 දෙනෙකු මේජර් ජෙනරාල් නිලයටත්, කර්නල් නිලයේ ජේ්‍යෂ්ඨ නිලධාරීන් 17 දෙනෙකු බ්‍රිගේඩියර් නිලයට උසස් කර තිබෙනවා. 

ලුතිතන් කර්නල් නිලයේ සිටි ජේ්‍යෂ්ඨ නිලධාරීන් 42දෙදෙනකු කර්නල් නිලයටත්, මේජර් නිලයේ ජේ්‍යෂ්ඨ නිලධාරීන් 60 දෙනෙකු ලුතිතන් කර්නල් නිලයටත් උසස් කර ඇති බවයි ශ්‍රී ලංකා යුද හමුදාව පැවසුවේ. කපිතාන් නිලයේ නිලධාරීන් 256 දෙනෙකු මේජර් නිලයට උසස් කර තිබෙනවා. 

යුද හමුදාවේ 72වන සංවත්සරය සෞඛ්‍ය ක්‍රමවේද අනුව පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ.

අදට යෙදෙන ශ්‍රී ලංකා යුද හමුදාවේ 72 වන සංවත්සරය වෙනුවෙන්  පැවැත්වෙන සම්මාන පෙළපාළිය සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථානයේදී අද පැවැත්වෙනවා.

 ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.