Wednesday, May 15, 2024

General line - 0115112241

අද මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල ඉහළට




අද මධ්‍යම රාත්‍රියේ සිට ලිට්රෝ සමාගම විසින් ගෑස් මිල ඉහළ නංවා තිබෙනවා.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රු:1257 කින් ඉහළ දැමීමට ලිට්‍රෝ සමාගම විසින් තීරණය කර තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක නව මිල රු:2750ක්. 

මිට අමතරව කිලෝග්‍රෑම් 5ක් බරින් යුත් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 503 කින් ඉහළ නංවා ඇත. නව මිල රුපියල් 1101ක් වේ.

කිලෝග්‍රෑම් 2.5ක බරින් යුත් ගෑස් සිලින්ඩරයක් රුපියල් 231 කින් ඉහළ නංවා තිබෙන අතර නව මිල රු:520ක් වේ.

මේ අතර අද මධ්‍යම රාත්‍රියේ සිට ලාෆ් ගෑස් සමාගම සිය ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ගණන් ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රු. 984කින් ඉහළ නංවා ඇත. නව මිල රු.2,840/-ක් වේ. කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රු. 393 කින් ඉහළ නංවා ඇත. නව මිල Rs. 1,136/-ක් ලෙස ඉහළ නංවා ඇත.

මෙම මිල ගණන් කොළඹ දිස්ත්‍රික්කයට බලපැවැත්වෙන බවයි ලාෆ් ගෑස් සමාගම නිවේදනය කර සිටියේ.