Wednesday, May 15, 2024

General line - 0115112241

පිංවත්ත පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාට ප්‍රදේශයේ ජනතාවගෙන් දැඩි විරෝධයක්




පානදුර, පිංවත්ත පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා  දිගින් දිගටම සිදු කරන අනිසි ක්‍රියා හේතුවෙන් ඔහුට එරෙහිව ප්‍රදේශයේ ජනතාවගෙන් දැඩි විරෝධයක් එල්ලවෙමින් තිබෙනවා.

පානදුර, පිංවත්ත පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ප්‍රදේශයේ ජනතාවට හිරිහැර වන ආකාරයෙන් කටයුතු කරීමේ සිද්ධීන් කිහිපයක්ද මීට පෙර වාර්තා වී තිබුණා.

ඔහු සිදු කළ අකටයුතුකම් රැසක් පිළිබඳව කාන්තාවක් ඇතුළු බොහෝපිරිසක් නෙත් නිවුස් වෙත තොරතුරු ද ලබා දී තිබුණා.

පානදුර, පිංවත්ත පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා මීගහකොවිල පාර ප්‍රදේශයේ පදිංචි තවත් පුද්ගලයෙකු කිසිදු හේතුවක් තොරව පොලිසියට රැගෙනවිත් පහරදුන් බවටද චෝදනා එල්ල වී තිබෙනවා.

පහර කෑමට ලක්වූ පුද්ගලයාගෙ මව සඳහන් කළේ මෙම පහරදීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කළ අතර එය ඉවත් කර ගැනීම සඳහා පානදුර, පිංවත්ත පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා බලපෑම් කළ බවයි. එම ස්ථානාධිපතිවරයා ඒ සඳහා මුදල්ද ලබා දුන් බවයි පහර කෑමට ලක් වූ පුද්ගලයාගේ මව සඳහන් කළේ.