Friday, May 17, 2024

General line - 0115112241

ත්‍රිකුණාමලයෙන් අවසන් වූ නවසීලන්ත ගමන

අමදෝරු අමරජීව - ත්‍රිකුණාමලය




නිති විරෝධි ලෙස මුහුදු මගින් නවසීලන්තයට පැනිමට ත්‍රිකුණාමලය ඕර්ස් හීල් නවාතැන් පොලක රැඳී සිටි පුද්ගලයින් 63 අද අත්අඩංගුවට ගැනිමට ත්‍රිකුණාමල මුලස්ථාන පොලිසිය සමත්ව තිබෙනවා.

රාජ්‍ය බුද්ධි සේවයේ ත්‍රිකුණාමල ඒකකයට ලද තොරතුරක් අනුව මෙම වැටලිම සිදු කර තිබෙනවා.

මෙම පුද්ගලයින් 63 දෙනාට ආහාර පිසිම සදහා කිලිනොච්චියේ සිට කාන්තාවක් හා ඇගේ දරුවාද සමග පැමිණ මෙම නවාතැන් පොලේ රැදිසිටියදි පොලිස් භාරයට ගෙන තිබෙනවා.

නවාතැන් පොලේ හිමිකරු මෙම ජාවාරම මෙහෙයවා ඇති අතර තවත් ජාවාරම්කරුවන් මෙයට සම්බන්ධව සිටින්නේද යන්න පොලිසිය වැඩිදුර විමර්ශණයක් ආරම්භ කර ඇත.

මෙම සැකකරුවන් 63 උතුරු නැගෙනහිර පදිංචි කරුවන් වන අතර ඉන් බහුතරයක් යාපනයේ පදිංචිකරුවන් බවයි පැවසෙන්නේ.

මෙම සැකකරුවන් දිර්ඝ මුහුදු ගමනකට අවශ්‍ය පරිදි ඇදුම් පැලදුම් සීතල ඔරොත්තු දෙන කබා ආදිය සහිත විශාල ප්‍රමාණයේ ගමන් මලු සකස් කරගෙන තිබු බව පොලිසිය පැවසුවේ.

ජාවාරම්කරුවන් විසින් අත්අඩංගුවට ගත් පිරිසගෙන් නවසීලන්තයට යැවීම සදහා එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂ 25 සිට ලක්ෂ 40 දක්වා විවිධ මිල ගණන් නියම කර ඇති අතර ඔවුන්ගේ අත්තිකාරම් මුදල් ගත්තේද යන්න සෙවිම සදහා සැකකරුවන්ගෙන් ප්‍රශ්ණ කරගෙන යන බව පොලිසිය කියයි.