Friday, May 17, 2024

General line - 0115112241

කබ්රාල් ගේ පත්වීමට එරෙහි පෙත්සම විභාගයට අදාළ තීන්දුවක් ගැනීමට දින නියම වෙයි 




අජිත් නිවාඩ් කබ්රාල්, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ලෙස කටයුතු කිරීම අභියෝගයට ලක් කරමින් ගොනුකර ඇති රිට් පෙත්සම විභාගයට ගෙන 
වගඋත්තරකරුවන් වෙත නොතීසි නිකුත් කරනවාද නැද්ද යන්න පිළිබඳ තීන්දුව නොවැම්බර් මස 3 වනදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය අද දැනුම් දුන්නා. 

ඒ, මහ බැංකු  අධිපතිවරයා ලෙස අජිත් නිවාඩ් කබ්රාල් පත් කිරීමට එරෙහිව ගොනු කර ඇති පෙත්සම අද කැඳවූ  අවස්ථාවේදීයි. එහිදී දෙපාර්ශවයේ නීතිඥවරු විසින් එම නඩුවට අදාළ ලිඛිත දේශන අධිකරණයට භාරදී ඇති බව දැනුම් දී තිබෙනවා. 

අදාළ පෙත්සම ගොනු කර ඇත්තේ දකුණු හා මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර රංජිත් කීර්ති තෙන්නකෝන් විසින්. මහ බැංකු බැදුම්කර වංචාවලට අදාළව නිකුත් කර ඇති වෝහාරික විගණන වාර්තාවලට අනුව අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට නීතිපතිවරයාට සහ පොලිස්පතිට  රිට් නියෝගයක් නිකුත් කරන ලෙසයි පෙත්සම්කරු ඉල්ලා ඇත්තේ. 

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මුදල් අමාත්‍යවරයා, ජනාධිපති ලේකම්වරයා, පොලිස්පතිවරයා හා මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරයා නම් කර තිබෙනවා.