Friday, May 17, 2024

General line - 0115112241

රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන වෙත විශේෂ වාර්තාවක් 




ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ක්‍රියාකාරිත්වය පිළිබඳව සොයා බැලීම සඳහා පත්කළ පංච පුද්ගල විශේෂ විමර්ශන කමිටුවේ අතුරු වාර්තාව ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන වෙත අද භාර දුන්නා. 

ඒ එම කමිටුවේ සභාපති විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු සරෝජිනි කුසලා වීරවර්ධන විසින්. 2015 වසරේ ජූලි මස 01 වනදා සිට 2021 වසරේ මාර්තු 17 වනදා දක්වා කාල සීමාව තුළ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ක්‍රියාකාරීත්වය පිළිබඳව එම කමිටුව මඟින් සොයා බලනු ලැබුවා.