Friday, May 17, 2024

General line - 0115112241

අසාර්ථක ව්‍යාපෘති වෙනුවෙන් මුදල් නොදීමට තීරණයක්




මෙවර අයවැයෙන් සම්පූර්ණ වර්ෂයටම මුදල් වෙන් නොකරන බවත් කාර්තුවෙන් කාර්තුවට ඒ ඒ ව්‍යාපෘතිවල ප්‍රගතිය නිරීක්ෂණය කර මුදල් වෙන් කර දීමට තීරණය කර ඇති බවත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා.  

මුල් කාර්තුවේදි සාර්ථකත්වයක් පෙන්නුම් නොකරන ව්‍යාපෘති සඳහා නැවත මුදල් ලබා නොදීමට පියවර ගන්නා බවයි අමාත්‍යවරයා පැවසුවේ. රටේ ආහාර සුරක්‍ෂිතතාවය සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය හා ඊට අනුබද්ධ රාජ්‍ය අමාත්‍යාංශ සමග මුදල් අමාත්‍යාංශයේ ඊයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යාවරයා මේ බව සදහන් කළා. දේශීය නිෂ්පාදන ඉහළ නංවා පාරිභෝගිකයාට දැරිය හැකි මිලකට අලෙවි කිරීමේ ක්‍රමවේදයක් ඇති කිරීමට කටයුතු කළ යුතු බවද මුදල් අමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා. 

මේ අතර රට තුළ කිසිදු ආකාරයකින් සාගතයක් ඇතිවීමට ඉඩ නොතබන බවයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මෙහිදී සදහන් කළේ. මෙවර අයවැයෙන් එක් එක් අමාත්‍යාංශය සදහා වෙන් කරන මුදලට අතිරේකව ඒ ඒ අමාත්‍යාංශය ඉදිරිපත් කර ඇති නිෂ්පාදන ආර්ථිකයට අදාළ විවිධ ව්‍යාපෘති සදහා රුපියල් මිලියන 25,000 ක් වෙන් කර ඇති බවද මුදල් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සදහන් කළා.