Friday, May 17, 2024

General line - 0115112241

අගමැති සමග පැවති සාකච්ඡාව අවසන් -  තීරණය හෙට




අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැය 03 ක් පුරා පැවති සාකච්ඡාව විසදුමකින් තොරව අවසන් වූ බව වර්ජනයේ නිරත ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පවසනවා. 

අද දහවල් 12 ට අරලියගහ මන්දිරයේ පැවති එම සාකච්ඡාවේදී සිය වැටුප් ගැටළුවට අදියර දෙකක් යටතේ විසදුම් ලබාදීමට ආණ්ඩුව පාර්ශවයෙන් තීරණය කළ බවයි එම සන්ධානය පැවසුවේ. 

 කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් සිය ස්ථාවරය හෙට දිනයේ ප්‍රකාශ කරන බවයි එම සන්ධානයේ සාමාජික, ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ නෙත් නිවුස් වෙත සදහන් කළේ.

ගුරු විදුහල්පති ගැටළුව සම්බන්ධයෙන් ඊයේ දිනයේ කැබිනට් මණ්ඩලයේදීද සාකච්ඡා කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අද පෙරවරුවේ පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මෙලෙස අදහස් පළ කළා.

ගුරු විදුහල්පතිවරු ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ද අද පැවැති මාධ්‍ය හමුවකදී පළ කළේ මෙවන් අදහසක්.