Friday, May 17, 2024

General line - 0115112241

ඉන්ධන මිල ඉහළ දැමීම ගැන නිලධාරීන් සමග සාකච්ඡාවකට මුදල් ඇමතිගේ අවධානය




පවතින තත්ත්වය හමුවේ ඩීසල් ලීටරයකින් රුපියල් 31 ක සහ පෙට්ට්‍රල් ලීටරයකින් රුපියල් 15 ක පාඩුවක් සිදුවන බවට  අමාත්‍ය උදය ගම්මන්පිල අමාත්‍ය මණ්ඩලය හමුවේ පවසා තිබෙනවා. 
 

මේ හේතුවෙන් ඉන්ධන මිල වැඩි කළයුතු බවටයි අමාත්‍යවරයා එහිදී යෝජනා කර ඇත්තේ. එසේ නොමැති නම් එම පාඩුව පියවා ගැනීම සදහා සහනාධාරයක් ලබාදෙන ලෙසටද බලශක්ති අමාත්‍යවරයා එහිදී සදහන් කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් එම යෝජනා දෙකටම මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ එකඟතාව පළ කර නැහැ. තවදුරටත් මේ සම්බන්ධයෙන් නිලධාරීන් සමග සාකච්ඡා කර ඉදිරියේදී දෙනුම් දෙන බවයි මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කර තිබෙන්නේ.

මේ අතර පවතින තත්ත්වය තුළ ඛනිජ තෙල් මිල වැඩිකිරීමක් සඳහා රජයෙන් ඉල්ලීමක් සිදුකරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ ඉකුත්දා මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා.
 

ඛනිජ තෙල් සංස්ථාව පසුගිය අගෝස්තු මස 31 වනදා වන විට රුපියල් බිලියන 70ක පාඩුවක් ලබා ඇති බවයි ඔහු එහිදී වැඩිදුරටත් සදහන් කළේ.