Friday, April 19, 2024

General line - 0115112241

යුනියන් ඇෂුවරන්ස් වෙතින් HEALTH 360 - ශ්‍රී ලංකාවේ වඩාත්ම පරිපූර්ණ සෞඛ්‍ය රක්ෂණය




යුනියන් ඇෂුවරන්ස් සමාගමේ HEALTH 360 සෞඛ්‍ය රක්ෂණය 2021 ඔක්තෝබර් 13 දින නිල වශයෙන් හඳුන්වා දෙන ලදි.

මුළු පවුලටම රැකවරණය දෙන සුවිශේෂී සෞඛ්‍ය රක්ෂණ විසඳුමක් වන මෙය, රක්ෂිතයාගේ සැමියා/බිරිඳ, දරුවන් සහ දෙමාපියන් ඇතුළු පරම්පරා 3 කට රැකවරණය සමග ප්‍රතිලාභ රාශියක් ලබාදෙයි.

සෞඛ්‍ය ගැටලු යනු කල්තබා අනුමාන කළ හැකි දෙයක් නොවේ. එම නිසා, ක්‍රමයෙන් ඉහළ යන සෞඛ්‍ය වියදම් පියවා ගැනීමට සවිමත් අත්වැලක් සැපයීමේ අරමුණින් HEALTH 360 හඳුන්වා දීමට යුනියන් ඇෂුවරන්ස් කටයුතු කළේ ය. මෙමගින් රක්ෂණ හිමියන්ට සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන්ට සෞඛ්‍ය ගැටලු හමුවේ වියදම් පිළිබඳ සිත් තැවුලට පත් නොවී හොඳම ප්‍රතිකාර සේවාවන් ලබාගැනීමට අවස්ථාව ලැබේ.

“ඔබේ පවුල යනු ඔබ සතු වටිනාම සම්පතයි. පවුලේ යහපැවැත්ම මුදලට හෝ වෙනත් කිසිදු දෙයකට තක්සේරු කරන්නට බැහැ. අද දවසේ අප බොහෝ සෞඛ්‍ය ගැටලු වලට මුහුණ දෙනවා. ඒවා පිළිබඳව අනාවැකි කීමට කාටවත් හැකියාවක් නැහැ. ඒ නිසාම මෙම ගැටලු වලට මුහුණ දීමට අප කාටත් සවිමත් අත්වැලක් අවශ්‍ය වෙනවා. අප සිටින්නේ ශ්‍රී ලාංකිකයන්ගෙන් 83% ක්ම බෝ නොවන රෝග වලින් පෙළෙන කාලයකයි. මේ අතරින් 35% ක්ම හදවත සම්බන්ධ රෝග ලෙස හඳුනාගෙන තිබෙනවා. සෑම වසරක මිලියන 4.7 ක පමණ පිරිසක් රෝහල්ගත වන අතර, 25,000 කට වැඩි පිරිසක් පිළිකා රෝගීන් ලෙස හඳුනාගනු ලබනවා. මෙවැනි සෞඛ්‍ය ගැටලු නිසා කෙනෙකුගේ ඉතුරුම් ඉතාම ඉක්මනින් වැය වී අවසන් වන්නට පුළුවන්. එහෙත්  HEALTH 360 වැනි රැකවරණයක් ඇත්නම් ඔබට සිතේ සැහැල්ලුවෙන් යුතුව මෙරටදී හෝ විදේශයන්හිදී හොඳම ප්‍රතිකාර ලබාගැනීමට අවස්ථාව සැලසෙනවා.” යුනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජූඩ් ගෝම්ස් මහතා පැවසී ය.

යුනියන් ඇෂුවරන්ස් HEALTH 360 රැකවරණයේ විශේෂත්වය වන්නේ, එකම රක්ෂණ සැලසුමකින් මුළු පවුලේම සෞඛ්‍ය අවශ්‍යතා සඳහා පරිපූර්ණ ආවරණයක් ලැබීමයි. මේ යටතේ රෝහල් ගාස්තු, සැත්කම්, ඖෂධ, මාතෘ සේවාවන්, වෛද්‍ය ගාස්තු, දන්ත හා අක්ෂි ප්‍රතිකාර ඇතුළු බොහෝ දේ ආවරණය වේ. එමෙන්ම ඉහළම වයස් සීමාවක්, එනම් වයස අවුරුදු 75 දක්වා ආවරණය ලබාදෙන මෙහි උපරිම වාර්ෂික ආවරණ සීමාව රු. මිලියන 60 කි. මීට අමතරව සුවිශේෂී බරපතළ රෝග ආවරණයක්, බාහිර රෝගී ආවරණයක්, ආයුර්වේද රෝහල් වල නැවතී ප්‍රතිකාර ලැබීම සඳහා ආවරණයක්, සහ එන්නත් හා වෛද්‍ය පරීක්ෂණ ආවරණයක්ද යුනියන් ඇෂුවරන්ස් HEALTH 360 රැකවරණයට ඇතුළත් වී තිබේ.

ශ්‍රී ලංකාවේ විශාලතම ලැයිස්තුගත සමූහ ව්‍යාපාරය වන ජෝන් කීල්ස් සමූහයේ සාමාජිකයෙකු සහ, මෙරට වැඩිම සම්මාන ගණනකින් පිදුම් ලැබූ රක්ෂණ සමාගම් අතරින් එකක් වන යුනියන් ඇෂුවරන්ස් සමාගම, 2021 ජූනි මාසය වන විට රු. බිලියන 16.6 ක වෙළඳපොළ ප්‍රාග්ධනීකරණයක්, රු. බිලියන 45.3 ක ක ජීවිත රක්ෂණ අරමුදලක් සහ 300% ක ප්‍රාග්ධන සප්‍රමාණතා අනුපාතයක් (Capital Adequacy Ratio - CAR) වාර්තා කරගෙන ඇත. ශ්‍රී ලාංකිකයන්ට තම සිහින හඹා යාමට අත්වැලක් වෙමින් එම සමාගම, අධ්‍යාපනය, සෞඛ්‍ය, ආයෝජන, රැකවරණය සහ විශ්‍රාම ජීවිතය යන විවිධ අංශ ආවරණය වන පරිදි රක්ෂණ විසඳුම් රාශියක් හඳුන්වා දී තිබේ. දිවයින පුරා විසිරුණු ශාඛා 76 ක් සහ 3,000 කට අධික කාර්ය මණ්ඩලයක් සමගින් යුනියන් ඇෂුවරන්ස් සමාගම මෙරට රක්ෂණ ක්ෂේත්‍රයේ පරිවර්තනයන්ට සාර්ථක ලෙස මුහුණ දෙමින්, මානව සම්පත්, සේවාවන් හා ක්‍රියාවලි වැඩිදියුණු කිරීම සඳහා දිගින් දිගටම ආයෝජනයන් සිදුකරමින් සිටී.