Friday, March 29, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා වනිතාභිමාන පළාත් මට්ටම් තරග ආරම්භ වෙයි




ජාතික මට්ටමින් ශ්‍රී ලාංකික කාන්තාවන් සවිබල ගැන්වීම පිණිස NDB බැංකුව සහ සිරස NewsFirst පවත්වන ශ්‍රී ලංකා වනිතාභිමාන තරඟාවලිය සඳහා පළාත් මට්ටමින් අයදුම්පත්‍ර භාර ගැනීම ආරම්භ කර ඇත.

සිරස NewsFirst සහ NDB බැංකුව පවත්වන ශ්‍රී ලංකා වනිතාභිමාන පළාත් තරගය, රට පුරා තෝරාගත් ක්ෂේත්‍රවල දක්ෂතා දක්වන කාන්තාවන්ගේ හැකියාවන් ඇගයීම සඳහා පවත්වනු ලැබේ. පසුගිය වසරේ කාණ්ඩ අටක් යටතේ පැවැති එම තරගයට මෙවර නව කාණ්ඩ දෙකක් එක් කරමින් කාණ්ඩ 10ක් යටතේ පැවැත්වීමට නියමිතය.

ව්‍යවසායකත්වය (කුඩා පරිමාණ), ව්‍යවසායකත්වය (ක්ෂුද්‍ර පරිමාණ), ව්‍යවසායකත්වය (නැගී එන), තරුණ නායක, පාරිසරික කළමනාකරණය, ක්‍රීඩා, ස්වේච්ඡා සේවා, සාහිත්‍ය සහ අධ්‍යාපන සේවා සමඟ නව නිපැයුම් සහ නවෝත්පාදන යන කාණ්ඩ මෙම වසරේ තරගයට ඇතුළත් වේ.

පළාත් තරගයේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට සම්මාන ප්‍රදානය කිරීමේ උත්සවයට සමගාමීව සෑම පළාතකම කාන්තා දින සැමරුම් උත්සවයක් ද පැවැත්වේ. කොවිඩ්-19 මාර්ගෝපදේශ දැඩි ලෙස පිළිපදිමින්, මෙම වැඩසටහනට කාන්තා ව්‍යවසායකයින් සඳහා වැඩමුළු, සම්මන්ත්‍රණ, දේශන මෙන්ම වටිනා වෙළඳපළ අවස්ථා ද ඇතුළත් කිරීමට අපේක්ෂා කෙරේ.

NDB සෑම විටම ව්‍යවසායකයින්ට සහය වීම අතින් ඉදිරියෙන්ම සිටින අතර විශේෂයෙන් කාන්තාවන්ට ඉහළ තලයකට යාමට සහ සාම්ප්‍රදායික සම්මතයන් සහ බාධක සාර්ථකව ජය ගැනීමට උපකාර කරයි.

රටේ ආර්ථිකයට සහ අනෙකුත් ක්ෂේත්‍රයන්ට කාන්තාවන් කරන ලද දැවැන්ත දායකත්වය බොහෝ විට ඇගයීමකට ලක් නොවේ. එම අඩුපාඩුව විසඳීමට මෙන්ම කාන්තාවන් වැඩි වැඩියෙන් ආර්ථික හා සමාජීය ක්‍රියාකාරකම්වල ඉදිරියට පැමිණීමට දිරිගැන්වීම සඳහා NDB බැංකුව "අරලිය" කාන්තා බැංකුකරණ වැඩසටහන යටතේ මෙම තරගය හඳුන්වා දී තිබේ. NDB බැංකුව සිරස NewsFirst සමඟ එක්ව විවිධ ක්ෂේත්‍රවල කැපී පෙනෙන කාන්තාවන් විසින් කරන ලද දායකත්වය ඇගයීමට, ත්‍යාග සහ සම්මාන ප්‍රදානය කිරීමට බලාපොරොත්තු වේ. අයදුම්පත් සහ වැඩිදුර තොරතුරු NDB සහ Newsfirst වෙබ් අඩවි හරහා ලබා ගත හැක. අපේක්ෂකයින්ට අයදුම්පත ලබා ගැනීම සඳහා [email protected] හෝ [email protected] වෙත ඊමේල් කිරීම හෝ ක්ෂණික ඇමතුම් අංක 0777-600040 ඇමතීම හෝ WhatsApp කළ හැක.

සම්පූර්ණ කරන ලද අයදුම් පත්‍ර [email protected] වෙත එවිය යුතුය.

ශ්‍රී ලංකා වනිතාභිමාන වැඩසටහන පැවැත්වෙන්නේ NDB අරලිය කාන්තා ව්‍යවසායකත්ව බැංකු සේවාව යටතේ ය. අරලිය ව්‍යාපාර ණය (ප්‍රාග්ධන වියදම්, කාරක ප්‍රාග්ධනය සහ එදිනෙදා මෙහෙයුම් වියදම් සඳහා), අරලිය ක්‍රෙඩිට් කාඩ්, අරලිය ජංගම ගිණුම, අරලිය ඉතිරි කිරීමේ ගිණුම, අරලිය ඩෙබිට් කාඩ්, කාරක ප්‍රාග්ධන පහසුකම් (** බැංකුවේ පවතින ණය නිර්ණායකයන්ට යටත්ව), අවම පොලී අනුපාත, රක්ෂණ යෝජනා ක්‍රම (ජීවිත ආවරණය සහ රෝහල් ගත වීමේ ප්‍රතිලාභ) මෙන්ම මූල්‍ය නොවන සේවාවන් ඉන් සැපයේ.

මෙම කාන්තා ව්‍යවසායකයින්ට අරලිය දැනුම් සංසද, අරලිය උපදේශනය සහ සබඳතා ගොඩනැගුම් සැසි, තෙවන පාර්ශවීය උපදේශන සේවා (උදා: ව්‍යාපාර ලියාපදිංචිය, පොත් තැබීම ආදිය) මෙන්ම කුඩා ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ විශේෂ සහතික කිරීමේ වැඩසටහන් සඳහා සහභාගී වීමට ද අවස්ථාව ලැබේ.

ශ්‍රී ලංකාව සඳහා වූ Asiamoney Best Bank Awards හි දී NDB බැංකුව "2021 හොඳම ඩිජිටල් බැංකුව" ලෙසත්, ඇමරිකා එක්සත් ජනපදයේ කීර්තිමත් Global Finance සඟරාව විසින් "2021 වසරේ ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව" ලෙසත්, එක්සත් රාජධානියේ බෑන්කර් සඟරාව “ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව” ලෙසත් සම්මානයට පාත්‍ර විය. NDB යනු ශ්‍රී ලංකාවේ 4 වැනි විශාලතම ලයිස්තුගත බැංකුව වන අතර NDB සමූහයේ මව් සමාගම වේ. ශ්‍රී ලංකාවේ ඇති එකම මූල්‍ය සේවා සමූහය වන NDB සමූහය සිය සියලුම සමාගම් නිෂ්පාදන හා සේවා පිරිනැමීම් වෙත සිය ගනුදෙනුකරුවන්ට බාධාවකින් තොරව ප්‍රවේශය ලබා දීම තුළින් ශ්‍රී ලංකා ප්‍රාග්ධන වෙළඳපොළේ වර්ධනයට හා සංවර්ධනයට සහාය වන්නකු ලෙස සුවිශේෂී ස්ථානයකට එළැඹ සිටියි.