Sunday, May 12, 2024

General line - 0115112241

තෙල් පිරිපහදුව සම්පූර්ණයෙන්ම නතර වෙයි - වෘත්තීය සමිති රජයෙන් විමර්ශනයක් ඉල්ලයි




සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ඉන්ධන පිරිපහදු කටයුතු නතර වීම සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන් වගකිව යුතු බව ඛණිජතෙල් පොදු සේවක සංගමය පවසනවා.

එහි සභාපති අශෝක රන්වල පැවසුවේ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ඉන්ධන පිරිපහදු කටයුතු මේවනවිට සම්පූර්ණයෙන්ම නතර වී ඇති බවයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් රජය පුළුල් විමර්ශනයක් සිදුකළ යුතු බව ද ඛණිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර දිවයිනේ ඇතැම් ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝළිම් දක්නට ලැබුණු බව නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවා.