Sunday, May 12, 2024

General line - 0115112241

ආචාර්ය සිරිල් ගාමිණි පියතුමන් CIDයට පැමිණෙයි




ආචාර්ය සිරිල් ගාමිණි පියතුමන් අද පෙරවරුවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා.

ඒ, ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා එම දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස පියතුමන්ට කළ දැනුම් දීමකට අනුවයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිරිල් ගාමිණි පියතුමන් විසින් සිදුකළ බව කියන ප්‍රකාශයකට අදාළව ජාතික බුද්ධි සේවයේ අධ්‍යක්ෂ, මේජර් ජෙනරාල් සුරේෂ් සලේ සිදුකළ පැමිණිල්ලකට අනුව අදාළ ප්‍රකාශය ලබාගැනීමට නියමිත බවයි වාර්තා වුණේ.