Saturday, May 11, 2024

General line - 0115112241

දැඩි කොන්දේසි මැද රැඳවුම් භාරයේ සිටි රියාජ්ට නිදහස

අධිකරණ වාර්තාකරු




හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතාගේ සොහොයුරා වන රියාජ් බදුර්දීන් රැදවුම්භාරයෙන් නිදහස් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා.

කෙසේවෙතත් ඔහුගේ ගමනාගමනය ඔහුගෙ නිවස පිහිටා ඇති කොළඹ නගර සභා සීමාවට සීමා කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 11 වගන්තිය අනූව නියෝග කරනු ලැබුවා.

එම සීමාවෙන් පිටතට ගමන් කරන්නේ නම් ඒ සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයාගේ අනුමැතිය ලබා ගත යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය අවධාරණය කර සිටියා.  තවද අධිකරණයේ අවසරයකින් තොරව විදේශ ගත වීම ද තහනම් කරනු ලැබූ අතර පෙත්සම්කරුට සෑම මසකම පළමු සහ තුන්වන ඉරිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කරන ලදී.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් රියාජ් බදුර්දීන් අප්‍රේල් මස 24 දා නැවත අත්අඩංගුවට ගෙන ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරනු ලැබුවා.

මෙම  පෙත්සමේ වග උත්තරකරුවන් ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා, එම දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා, පොලිස්පතිවරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.

මීට පෙර අත්අඩංගුවට රැදවුම්භාරයේ තබා සාක්ෂි නොමැති හේතුවෙන් තමා නිදහස් කිරීමට කටයුතු කළ බවත් නැවත වරක් තමා අත් අඩංගුවට ගෙන ඇත්තේ කිසිදු සාධාරණ හේතුවකින් තොරව බව රියාජ් බදුර්දීන් පවසා සිටියි. මරාගෙන මැරෙන බෝම්බකරුවන්ට අධාර අනුබල ලබා දුන්නා යැයි කියන චෝදනා පදනම් විරහිත බව ඔහු පෙත්සමෙන් පවසා සිටියි .

තමා පදනම් විරහිත චෝදනා මත රාමසාන් උපවාස සමයේ නීතිවිරෝධී ලෙසට අත් අඩංගුවට ගත් බවත් ඊට වන්දි ලෙසට රුපියල් මිලියන 5,000 ක මුදලක් වන්දි ලෙසට වග උත්තරකරුවන්ට ගෙවන ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙසට ද ඉල්ලා සිටින බව පෙත්සම්කරු පවසා සිටියි.