Sunday, May 12, 2024

General line - 0115112241

කොවිඩ් කරලට ශ්‍රී ලංකාවේත් අනුමැතිය




කොවිඩ් මර්දනය සඳහා හඳුන්වා දී ඇති ඖෂධ කරල් සඳහා ඖෂධ පිළිබඳ තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමිව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසනවා. 

නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ කරල සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය හිමිවීමෙන් පසු ඒවා මෙරටට ගෙන්විය හැකි බවයි. 

මෙම ඖෂධ කරල සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ද අදහස් පළ කළා.

කෙසේවෙතත් මේ වනවිට මෙම ඖෂධ කරල් තවදුරටත් පවතින්නේ පරීක්ෂණ මට්ටමේයි. එසේ තිබියදීත් ඕස්ට්‍රේලියාව , දකුණු කොරියාව සහ මැලේසියාව ඇතුළු රටවල් රැසක් මේ වනවිටත් එම ඖෂධ කරල සඳහා ඇණවුම් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.