Saturday, May 11, 2024

General line - 0115112241

ඉදිරියේදී කොවිඩ් රෝගීන්ගේ වර්ධනයක් ඇතිවීමේ අවදානමක් 




ජනතාව නිසි ලෙස සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිනොපදින්නේ නම් ඉදිරියේදී කොවිඩ් රෝගීන්ගේ වර්ධනයක් ඇතිවීමේ අවදානමක් ඇතැයි සෞඛ්‍ය අංශ පවසනවා. 

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් අද පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ සියලු පුද්ගලයින් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව ඉතා වගකීමෙන් කටයුතු කළ යුතු කාලයක් යලිත් උදාවී ඇති බවයි. 

මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ කියාසිටියේ බිම් මට්ටමේ කොරෝනා ආසාදිතයින් වාර්තාවීම ඉහළයාමේ අවදානමක් පවතින බවයි.