Saturday, May 11, 2024

General line - 0115112241

අයවැය සමබර නැහැ : කොවිඩ් වසංගතය මැද සෞඛ්‍ය අමාත්‍යාංශයට වෙන් කළ මුදල් අඩු කලේ ඇයි ? හිටපු අගමැති අසයි




 සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා වෙන් කළ මුදල මෙවර අයවැයෙන් රුපියල් බිලියන 67කින් අඩු කර ඇති බව හිටපු අග්‍රාමාත්‍ය සහ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියා.

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂය සඳහා මුදල් අඩු කලේ කුමන කරුණක් හේතුවෙන්ද යන්න පිලිබඳ මුදල් ඇමතිවරයා විසින් සිය පිළිතුරු කතාවේදී උත්තරයක් දෙනු ඇති බවට තමන් බලාපොරොත්තු වෙන බවයි ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

" පසුගිය අයවැයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රය සදහා රුපියල් බිලියන 301ක් වෙන්කර තිබූ නමුත් මෙවර අයවැයෙන් වෙන්කර තිබෙන්නේ රුපියල් බිලියන 234ක් පමණයි. ඒ අනුව බිලියන 67ක මුදලක් අඩු කරලා තිබෙනවා. මෙලෙස මුදල් අඩු කරලා කොරෝනා හෝ වෙනත් වසංගතයක් පාලනය කෙරෙන්නේ කොහොමදැයි?" පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රශ්න කර සිටියා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂය අඩු කලාට ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය වැඩිකරලා තියෙනවා. මේ අවුරුද්දේ ආරක්ෂක අමාත්‍යාංශයේ බිලියන 402ක් නමුත් මේ අවුරුද්දේ බිලියන 421ක් වෙන් කරලා තියෙනවා. ගිය වසරේ සෞඛ්‍ය අමාත්‍යාංශයට වෙන් කරපු බිලියන 12ක් යුද හමුදාවට දුන්නා, නමුත් ඒ සියල්ල වෙන් කලේ අකුරේගොඩ හමුදා මුලස්ථානය හදන්න. ඒ මුදල් හරි දැන් ආපසු සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා දෙන්න අවශ්‍යයි.

අද මේ ඉදිරිපත් කර තියෙන අයවැය සමබර අයවැයක් නෙමෙයි.. 2020 වසරේ කොවිඩ් තත්ත්වය පාලනය කරන්න කටයුතු කළා නම් මේ තත්ත්වය ඇතිවෙන්නේ නැහැ. නමුත් මම බලාපොරොත්තු වෙනවා ලබන අවුරුද්ද වෙනකොට වත් කොවිඩ් පාලනය කරන්න කටයුතු කරයි කියලා පාර්ලිමේන්තුවේ ඉන්න මේ සියලු දෙනා එකතු කරගන.

රටේ මධ්‍යම පාන්තිකය විනාශ කරන්නද යන්නේ ? අද කාලේ තරුණයින්ට මඤඤෝක්කා කාලා පුරුදු නැහැ. ඒ කාලේ ටියුෂන් තිබුනේ නැහැ. අද ටියුෂන් තියෙනවා. ඒ කාලේ අපිට තිබ්බේ මොන වියදම් ද? මධ්‍යම පාන්තිකය නැති කරන්න එපා. 1920 දී ජර්මනිය වුනේ මේ දේ. හිට්ලර් ආවේ මධ්‍යම පාන්තිකය නිසා. මම කියන්නේ මේ ගැන ජාත්‍යන්තර මුල්‍ය අරමුදලත් එක්ක කතා කරන්න කියලා. ඒ අය කියන්නේ නැහැ රැකියා අඩු කරන්න කියලා. ඉන්දියාව වගේ රටවල් එක්ක කතා කරන්න කියලා. ඒ අයගෙන් සහය ගන්න. බැංකුවල තියෙන මුදල්වල වටිනාකම ඉස්සරහට නැති වෙන්න පුළුවන්. 

මෙම වසංගතය තව අවුරුදුක්  2ක් තියෙයි. රටවල් ගණනාවක සැපයුම බිද වැටිලා සමහර රටවල් කොවිඩ් වසංගතයට පමණයි ක්‍රියාකරේ. අපිට තියන විදේශ සංචිත වලින් රට ගෙනියන්න බැහැ .දැන් අපට තියන ප්‍රධාන අදායම්මාර්ග උගස් තියන්න හදන්නේ .අපිට GSP+ ලැබෙන්න ඕනේ එක නැති උනොත් විශාල ප්‍රශ්නයක් එනවා .මීලගට පොහොර නැති නිසා මැයි වෙනකොට ආහාර හිගයක් එනවා. එකට ආහාර පිටරටින් ගෙන්නන සිදුවෙනවා. එකට මුදල් කොහෙද තියෙන්නේ ඩොලර් අගය මෙහෙමෙ ගියොත් තව මාස 6ක් ඇදගෙන යන්න බැහැ. ආනයන අපනයන සංචාරක  ව්‍යාපාරයෙන් අදායම ලැබෙන්නේ නැති නිසා මේක ස්ථාවර කරන්න IMF එකත් එකක් කතා කරන්න." හිටපු අග්‍රාමාත්‍යවරයා කියා සිටියා.