Sunday, May 12, 2024

General line - 0115112241

යුරෝපය හා ආසියාව තුළ යළිත් කුරුළු උණ වේගයෙන් ව්‍යාප්තවීමේ අවදානමක් 




යුරෝපය හා ආසියාව තුළ යළිත් කුරුළු උණ වේගයෙන් ව්‍යාප්තවීමේ අවදානමක් ඇතැයි සත්ත්ව සෞඛ්‍ය සඳහා වන ලෝක සංවිධානය පවසනවා. 

රටවල් කිහිපයක සත්ත්ව ගොවිපළවලින් කුරුළු උණ ව්‍යාප්තවීමේ තත්ත්වයක් වාර්තා වී ඇති බවයි එම සංවිධානය පෙන්වා දෙන්නේ. 

ඉන් වැඩි වශයෙන් වෛරසය ආසාදනය වූ සතුන් හමුවී ඇත්තේ කුකුළු ගොවිපළවල් තුළින්. එම වෛරස් කාණ්ඩය වෛරසය මිනිසුන්ට සම්ප්‍රේෂණය විය හැකි බැවින් ව්‍යාප්ති තත්ත්වය පිළිබඳ වසංගත රෝග විද්‍යාඥයින්ගේ ද අවධානයට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

 2020 වසරට සාපේක්ෂව මෙම වසරේදී කුරුළු උණ ආසාදිත පුද්ගලයින් හඳුනාගෙන ඇති අතර එම සංඛ්‍යාව 21 ක්. 

මේ අතර දකුණු කොරියාවේ කුකුළු ගොවිපළකින් ද කුරුළු උණ ආසාදිත කුකුළන් හමුවී තිබෙනවා. ඒ හමුවේ ගොවිපළේ සිටි කුකුලන් ලක්ෂ 07 ක් පමණ මරා දමා ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. 

මීට අමතරව ජපානයේ, නෝර්වේ රාජ්‍යයේ හා බෙල්ජියමේ කුකුළු ගොවිපලවලින් ද වෛරසය ආසාදිත සතුන් හඳුනාගෙන තිබෙනවා.