Saturday, May 11, 2024

General line - 0115112241

රාජ්‍ය ආයතන රටට බරක් කළේ දේශපාලනඥයින් බව ඇමති ඩලස් කියයි




රාජ්‍ය ආයතන රටට බරක් වී ඇත්තේ දේශපාලනඥයින් සිදුකළ අත්තනෝමතික ක්‍රියා හේතුවෙන් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසනවා. 

අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළා. 

ඉකුත්දා පැවති මාධ්‍ය හමුවකදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ රාජ්‍ය සේවය පිළිබඳ සිදුකළ ප්‍රකාශය පිළිබඳ මාධ්‍යවේදියා කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුමගෙන් විමසා සිටියා.

මෙවර අයවැයෙන් ගුරු විදුහල්පති වැටුප් විශමතාව ඉවත් කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ කෙරුණා.