Sunday, May 12, 2024

General line - 0115112241

සපුගස්කන්ද තෙල් පිරිපහදුව වැසුවේ බදු දෙන්නද? විකුණන්නද?




සපුගස්කන්ද තෙල් පිරිපහදුව දින 50 කට වසා දැමුණේ එය විදේශ සමාගමකට බදුදීමට හෝ විකුණා දැමීමේ අරමුණින් නොවන බව සම කැබිනට් ප්‍රකාශ අමාත්‍ය උදය ගමන්පිල පවසනවා. 

අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඒ පිළිබද මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළා.

සපුගස්කන්ද තෙල් පිරිපහදුව දින 50 කට වසා දැමීමෙන් රට තුළ කිසිදු ආකාරයකින් ඉන්ධන හිගයක් ඇති නොවන බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා. 

ඉන්ධන හිගය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉකුත්දා සිදු කළ ප්‍රකාශයකටද අමාත්‍යවරයා මෙලෙස ප්‍රතිචාර දැක්වූවා.