Saturday, May 11, 2024

General line - 0115112241

පාස්කු ප්‍රහාරයේ මූලික පෙත්සම් විභාගයට දින නියම කෙරේ




පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුලු පිරිසකට එරෙහිව ගොණුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය සඳහා අද දින නියම කළා. 

ඒ, එම පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඇතුළු සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැදවු අවස්ථාවේදීයි‘. 

කෙසේවෙතත් විනිසුරු මඩුල්ලේ සාමාජිකයින් වන ප්‍රියන්ත ජයවර්ධන සහ ගාමිණි අමරසේකර පෞද්ගලික හේතුන් මත තමන් පෙත්සම් විභාගයෙන් ඉවත් වන බව එහිදී දැනුම් දී තිබෙනවා. එම පෙත්සම් පිළිබඳ විභාගය ලබන වසරේ මාර්තු 15, 16 සහ 17 දිනවල පැවැත්වීමටයි දින නියම කර ඇත්තේ. 

බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ප්‍රහාරය වලක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ බවට චෝදනා එල්ලකරමින් එම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා. 

ඒ, ශ්‍රී ලංකා නීතිඥ සංගමය, කතෝලික පියතුමන්ලා සහ බෝම්බ ප්‍රහාරය හේතුවෙන් පීඩාවට පත් පවුල්වල අයගේ ඥාතීන් ඇතුළු 11 දෙනෙකු විසින්.