Saturday, May 11, 2024

General line - 0115112241

හයිඩ්පාර්ක් යන්න ගිය සමගි ජන බලවේගයේ පාගමන ගාලුමුවදොරින් අවසන්




කොළඹ හයිඩ්පාර්ක් පිටියේදී පැවැත්වීමට සැලසුම් කර තිබූ සමගි ජන බලවේගයේ විරෝධතාව ගාලු මුවදොර පිටිය අසලදී අද පස්වරුවේ අවසන් කෙරුණා. 

කොළඹ විපක්ෂ නායක කාර්යාලය අසලින් ගමන් ආරම්භ කළ විරෝධතා පාගමන හේතුවෙන් ඒ අවට සහ කොල්ලුපිටිය මංසන්ධිය අවට මාර්ගවල පැවතියේ දැඩි රථ වාහන තද බඳයක්. 

කොල්ලුපිටියේ සිට ගාලු මුවදොරු දක්වා රථ වාහන ගමනා ගමනයටද බාධා එල්ලවූ බවයි එහි සිටි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ. එම පාගමනට විපක්ෂ නායක සජිත් ප්‍රේමාදස මහතා ඇතුලු සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක්ද එක්ව සිටියා. 

ගාලු මුවදොර පිටිය අසලට පාගමනින් පැමිණිමෙන් අනතුරුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැමිණි පිරිස ඇමතුවේ මෙලෙසයි.

මේ එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා.

කොළඹ හයිඩ්පාර්ක් පිටියේ පැවැත්වීමට නියමිතව තිබු සමගි ජන බලවේගයේ උද්ඝෝෂණය වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා පොලිස් ස්ථාන රැසක් අධිකරණවලින් ඉල්ලා තිබුණා. 

කෙසේවෙතත් පොලිස් ස්ථාන 56ක් කළ එම ඉල්ලීම අධිකරණ 10කින් ප්‍රතික්ශේප කර තිබු අතර තවත් අධිකරණ 10කින් පොලිස් ස්ථාන 25ක් කළ ඉල්ලීමට අවසර ලබා දී තිබුණා.  අද දිනයේ දිවයිනේ බොහෝ නගරවල මාර්ග බාධක යොදා පොලිසිය විසින් වාහන පරික්ෂාවක්ද සිදුකර තිබුණා. 

එළෙස විරෝධතාවයට පැමිණෙමින් සිටි බස් රථ පරීක්ෂා කිරීමේදී ඇතැම් ප්‍රදේශවලදී එම පිරිස කලහකාරී ලෙස හැසිරුණු බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.