Tuesday, May 14, 2024

General line - 0115112241

6 සිට 9 ශ්‍රේණිය දක්වා අධ්‍යාපන කටයුතු කරන්නේ කෙසේද ? අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් කරුණු දක්වයි




ලබන 22 වනදා අධ්‍යයන කටයුතු ආරම්භ වන 6 සිට 9 ශ්‍රේණිය දක්වා සිසුන්ද පාසලට කැදවන්නේ දැනට ක්‍රියාත්මක සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව එම සිසුන්ද කොටස් වශයෙන් පාසලට කැදවන බවයි අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා නෙත් නිවුස් වෙත කියා සිටියේ. 

සිසුන් කැදවන ආකාරය පිළිබද පාසල්වලින් කල් ඇතිව දැනුම් දෙනු ඇති බවද අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා වැඩිදුරටත් සදහන් කළා.

මේ අතර ලබන 22 වනදායින් පසුව දහම් පාසල් ආරම්භ කරන දිනය සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි දහම් පාසල්, භික්‍ෂු අධ්‍යාපන, පිරිවෙන් හා බෞද් විශ්වවිද්‍යාල රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ පැවසුවේ.