Sunday, May 12, 2024

General line - 0115112241

අංගොඩ ලොක්කාගේ මරණය තහවුරු වෙයි




මෙරට ප්‍රධාන පෙලේ සංවීධානාත්මක අපරාධකරුවෙකු වන මද්දුමගේ ලසන්ත චන්දන පෙරේරා නොහොත් අංගොඩ ලොක්කා ඉන්දියාවේදී මියගොස් ඇති බවට පලවූ වාර්තා තහවුරු වී තිබෙනවා. ඒ ඔහුගේ සිදුකළ DNA පරීක්ෂණය අනුවයි.

ඉකුත් වසරේ ජුලි මස 03 වෙනිදා ඉන්දියාවේදී අංගොඩ ලොක්කා හදිසි හෘදයා බාධයකින් ජිවිතක්ෂයට පත්වූවා. ඒ ඔහු කොයිම්බතූර් හි ප්‍රදීප් සිං නම් අනවර්ථ නාමයකින් පෙනී සිටිමින් සිටියදී.

මියගිය අංගොඩ ලොක්කාගේ සිරූරේ අවසන් කටයුතු එහිදී සිදුකෙරුණ අතර මියගියේ ඔහුමදැයි කරුණු සනාථ කර ගැනීමට DNA පරීක්ෂණයක් සිදුකරනු ලැබුවා. 

ඒ සඳහා මෙරට ජීවත්වූ අංගොඩ ලොක්කාගේ මවගෙන් ලබා ගන්නා ලද DNA සාම්පල් ඉන්දියාවට යවමින්. එහිදී ඉන්දියාවේ චෙන්නායි වෛද්‍ය පරීක්ෂණාගාරයක මෙම DNA සාම්පල් පරීක්ෂණය සිදුකර තිබෙනවා.

එහිදී ලබාදුන් ‍DNA වාර්තාව අනුව ඉකුත් 2020 ජුලි 20 වෙනිදා හදිසි හෘදයාබාධයක් වැලදීමෙන් ජිවිතක්ෂයට පත්ව ඇත්තේ අංගොඩ ලොක්කා බවට තහවුරු වී ඇත.