Sunday, May 12, 2024

General line - 0115112241

කොළඹ උද්ඝෝෂණයට මග හරස් කිරීමට එරෙහිව සමගි ජනබලවේගය පාර්ලිමේන්තුවේදී විරෝධතාවක




සමගි ජනබලවේගය කොළඹදී ඊයේ පැවැත්වූ විරෝධතාවට පැමිණි පිරිස් පොලීසිය විසින් ආපසු හරවා යැවීමට එරෙහිව එම පක්ෂයේ මන්ත්‍රීවරුන් අද පාර්ලිමේන්තුවේදී විරෝධතාවක නිරත වුණා.

ඒ, අයවැය විවාදය ආරම්භයේදී සභා ගර්භය තුළ විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින්.

විරෝධතාවට පැමිණි පිරිස් ආපසු හරවා යැවීමට පොලීසිය පියවර ගත්තේ කුමන පදනමක් යටතේ දැයි සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් එහිදී ප්‍රශ්න කළා.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල එහිදී අදහස් දැක්වූයේ මෙලෙසයි.

මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩවීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙයසි පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක එහිදී කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේ.

සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් විරෝධතාවය ආරම්භ කළේ අයවැය විවාදය ආරම්භ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර අදහස් පළ කිරීමත් සමගයි.