Saturday, May 11, 2024

General line - 0115112241

දත්ත මැකීමේ චෝදනා එල්ල වූ ඉංජිනේරුවරයාට ඇප




ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පරිගණක දත්ත මකා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන්  අත් අඩංගුවට ගෙන සිටි එපික් ලංකා පුද්ගලික සමාගමේ  සහකාර මෘදුකාංග ඉංජිනේරුවරයා ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළා.

ඒ අනුව සැකකරු රුපියල් 50,000 ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමටයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී. රාගල නියෝග කළේ.

සැකකරු  ඇප මත මුදාහරින ලෙසට ඔහුගේ නීතිඥවරුන් කළ ඉල්ලීමට අදාළව මෙම නියෝගය සිදු කළ අතර සැකකරුගේ විදේශ ගමන් තහනම් කිරීමේ නියෝගයක් ද එහිදී මහේස්ත්‍රාත්වරයා නිකුත් කළා.

මෙම සිද්ධියට අදාළ වැඩිදුර මහේස්ත්‍රාත් පරීක්ෂණය ජනවාරි මස 27 දාට කල් තැබුණා.

පරීක්ෂණ වලට අදාළ ප්‍රගතිය මීළඟ දින ඉදිරිපත් කරන ලෙසටයි මහේස්ත්‍රාත්වරයා එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ.