Sunday, May 12, 2024

General line - 0115112241

බෝම්බ ප්‍රහාරයක් එල්ල වන බවට අසත්‍ය තොරතුරක් ප්‍රචාරය කළ සැකකරු රිමාන්ඩ්

අධිකරණ වාර්තාකරු




සමගි ජන බලවේගය පක්ෂය විසින් ඊයේ දින පවත්වනු ලැබූ උද්ඝෝෂණයට බෝම්බ ප්‍රහාරයක් එල්ල වන බවට කුරුඳුවත්ත පොලීසිය වෙත අසත්‍ය  පැමිණිල්ලක් ඉදිරිපත් කළ පුද්ගලයා නොවැම්බර් මස  24 වනදා දක්වා තෙක්  රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන  මහෙස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.

සැකකරු අද දින කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික සී රාගල මහතා වෙත ඉදිරිපත් කරනු ලැබුවා.

මේ අතර සැකකරුගේ මානසික තත්ත්වය පරීක්ෂා කිරීම සදහා ඔහු මානසික රෝග වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කිරීමට ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝගයක් නිකුත් කරන ලදී.

සැකකරු විසින් සමගි ජන බලවේගය මඟින් පවත්වනු ලබන උද්ඝෝෂණ මාලාවට බෝම්බ ප්‍රහාරයක් එල්ලවීමට නියමිත බව සඳහන් කරමින් කුරුඳුවත්ත පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ප්‍රකාශයක් ද ලබාදී තිබුණි.

සිද්ධියට අදාළව වැඩිදුර පරීක්ෂණ පවත්වන බව කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයට දැනුම් දෙන ලදී.