අඛණ්ඩව ඇදහැලෙන මහ වැසි සමග ඇතිවූ ජලගැල්මෙන් ඉන්දියාවේ සුප්‍රසිද්ධ තිරුපති කෝවිල සහ ඒ අවට ප්‍රදේශය ජලයෙන් යටවී ඇති බව වාර්තා වනවා. බෙංගාල බොක්කේ ඇතිවූ පීඩන අවපාතය සමග ඇතිවූ තද වැසි හේතුවෙන් මෙම හදිසි ජලගැල්ම ඇතිවී තිබෙනවා.
කෝවිල වැදපුදා ගැනීමට ගිය බැතිමතුන් දේවස්ථානය තුළ සිරවී සිටින බවත් අයහපත් කාලගුණය හේතුවෙන් තිරුපති ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ගුවන් ගමන් ද තාවකාලිකව අත්හිටුවා ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කර සිටින්නේ.
අඛණ්ඩ වර්ෂාවත් සමග ඇතිවූ ගංවතුර හේතුවෙන් ඉන්දියාවේ තිරුපති දේවස්ථාන නගරය මුළුමනින්ම ජලයෙන් යටවී තිබෙනවා. මේ හේතුවෙන් තිරුපති දේවස්ථානය පිහිටි කදුකර ප්‍රදේශයට පිවිසෙන මාර්ග සියල්ලම ජලයෙන් යටවී ඇත.
එහි අතරමංවූ බැතිමතුන්ට දේවස්ථාන භූමියේ නවාතැන් පහසුකම් සළසා දීමට එහි භාරකාර සභාව කටයුතුකර තිබෙනවා. එමෙන්ම සහන කටයුතු ද අඛණ්ඩව ක්‍රියාත්මක වන බවයි පැවසෙන්නේ.
මේ අතර තමිල්නාඩු ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක රැසකට අධික වැසි තත්ත්වය බලපා ඇති බවයි එරටින් ලැබෙන වාර්තා සඳහන් කර සිටින්නේ.