Thursday, May 16, 2024

General line - 0115112241

එළවළු හිගයෙන් ආර්ථික මධ්‍යස්ථාන වැසීයාමේ අවදානමක්




නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානය අද සිට වසා දැමීමට එහි පාලනාධිකාරිය තීරණය කළා. 

ඒ, ප්‍රමාණවත් එළවළු තොග එම ආර්ථික මධ්‍යස්ථානයට නොලැබීම හේතුවෙන්. 

සිය වගාවන්ට අවශ්‍ය පොහොර ලබා නොදීම හේතුවෙන් නුවරඑළිය එළවළු ගොවීන් සිය එළවළු තොග නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයට ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති බවයි සමස්ථ ලංකා විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත පැවසුවේ. 

පවතින තත්ත්වය හමුවේ සෙසු ආර්ථික මධ්‍යස්ථාන ද වැසීයාමේ අවදානමකට ලක්ව ඇති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. 

ආර්ථික මධ්‍යස්ථාන වෙත ලැබෙන එළවළු තොග අඩුවීම හේතුවෙන් එළවළු මිල ද සීග්‍ර ලෙස ඉහළ ගොස් තිබෙනවා. 

මේ අතර වී, බඩඉරිගු, එළවළු සහ වැවිලි කර්මාන්තයට අවශ්‍ය ශාක පෝෂක සහ කෘෂි රසායනික ද්‍රව්‍ය ආනයනය කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. 

මහ කන්නයේ අස්වනු අඩුවීම වැළැක්වීමේ අරමුණින් එම තීරණය ගත් බවයි කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය උදිත් කේ ජයසිංහ සඳහන් කළේ. 

කෘෂිකර්ම අමාත්‍යංශය ගත් මෙම තීරණය සම්බන්ධයෙන් සමස්ථ ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මෙලෙස අදහස් පළ කළා. 

රටතුළ සියලු වගාවන්, කන්න 03 ක් ඇතුළත කාබනික පොහොර යොදා ගනිමින් සිදුකිරීමට අපේක්ෂා කරන බවයි රාජ්‍ය අමාත්‍ය ශශීන්ද්‍ර රාජපක්ෂ පැවසුවේ.