Thursday, May 16, 2024

General line - 0115112241

අත්හිටුවා තිබූ කොළඹ සහ මහනුවර අතර දුම්රිය ධාවන කටයුතු හෙට සිට




අත්හිටුවා තිබූ කොළඹ සහ මහනුවර අතර දුම්රිය ධාවන කටයුතු හෙට සිට යළි ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. 

එහි සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර සඳහන් කළේ අයහපත් කාලගුණය තත්ත්වය හේතුවෙන් රඹුක්කන සිට බලන දුම්රිය ස්ථානය දක්වා දුම්රිය මාර්ගයට හානි සිදුවීම හේතුවෙන් කොළඹ සහ මහනුවර අතර දුම්රිය ධාවනය ඉකුත් දා තාවකාලිකව අත්හිටවූ බවයි. 

එම දුම්රිය මාර්ගය යථාතත්ත්වයට පත් කිරීමේ කටයුතු මේවනවිට අවසන් බැවින් කොළඹ සහ මහනුවර අතර දුම්රිය ධාවනය හෙට සිට යළි ආරම්භ කිරීමට පියවර ගත් බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර සඳහන් කළේ.