Friday, May 17, 2024

General line - 0115112241

ගෑස් හිඟයෙන් දර ඉල්ලුම වැඩි වෙයි - මෙරට වනගහනයටත් බලපෑම්




රට තුළ පවතින ඉන්ධන හා ගෑස් අර්බුදය හේතුවෙන් මෙරට වනගහනයට බලපෑම් එල්ල වෙමින් ඇති බව පරිසර සංවිධාන පෙන්වා දෙනවා. ඉන්ධන හා ගෑස් අර්බුදයට පිළියමක් ලෙස බොහෝ පිරිසක් දර භාවිතයට නැඹුරු වීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බවයි පරිසරවේදීන් පවසන්නේ.

කැලෑ තුළ පවතින විශාල ප්‍රමාණයේ ගස් කපා ඒවා දර ලෙස කොළඹ ප්‍රදේශයට පැටවීම මහා පරිමාණ ව්‍යාපාරයක් බවට පත්වීමේ ප්‍රවණතාවක් සති කිහිපයක සිට දක්නට ලැබෙන බව ද පරිසරවේදීන් සඳහන් කළා. මේ, පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම්. 

දර ඉල්ලුම වැඩිවීම හේතුවෙන් මෙලෙස හානියට පත් වන්නේ මෙරට පිහිටි අවශේෂ කැලෑ බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. 

ඉන්ධන හා ගෑස් අර්බුදය තවදුරටත් පැවතුනහොත් මෙරට වන ගහනයට හානි නොවන අයුරින් දර භාවිතයට ගැනීමේදී අනුගමනය කළ හැකි විකල්ප ක්‍රම මොනවාද? මේ ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ  පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම්.