Thursday, May 16, 2024

General line - 0115112241

වැලිගම නගරාධිපතිනියගේ හෝටලයේ ෆේස්බුක් සාදයක් - 13 ක් අත්අඩංගුවට




මාතර, වැලිගම, පැලෑන ප්‍රදේශයේ ෆේස්බුක් සාදයක් වටලා පුද්ගලයින් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම ප්‍රදේශයේ හෝටලයක මෙම ෆේස්බුක් සාදය පවත්වා ඇති බවයි පොලීසිය සඳහන් කළේ. 

මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත සොයිසාට ලද තොරතුරක් අනුව මෙම වැටලීම සිදුකර තිබෙනවා. මෙම සාදයේදී භාවිත කළ කොකේන්, අයිස්, ගංජා සහ කුෂ් මත්ද්‍රව්‍ය සොයා ගත් බවයි පොලීසිය සඳහන් කළේ. එම ෆේස්බුක් සාදයේදී මත්ද්‍රව්‍ය ප්‍රවර්ධනය කර ඇති අතර ඒවා අලෙවි කිරීම ද එහිදී සිදුකර තිබෙනවා. 

තණමල්විල ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන අලුත්පටබැඳිගේ චමිල ප්‍රසාද් නොහොත් තණමල්විල ආප්ප සුදා නමැති පුද්ගලයා විසින් මෙම ෆේස්බුක් සාදය සංවිධාන කර ඇති බවයි විමර්ශනවලින් අනාවරණ වී ඇත්තේ. අදාළ සාදය පැවැති හෝටලය වැලිගම නගරාධිපතිනියට අයත් එකක් බව ද අනාවරණ වී තිබෙනවා. 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තණමල්විල, අහංගම, මාතර, හික්කඩුව, තිස්සමහාරාම සහ අම්පාර යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් පිරිසක්. ඔවුන්ගෙන් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීම් සිදුකරන බව ද පොලීසිය සඳහන් කළා.