Friday, May 17, 2024

General line - 0115112241

රක්වාන පොලිසියේ නිලධාරීන් 28 දෙනෙකු කොරොනා




රක්වාන පොලිසියේ  නිලධාරීන් 28 දෙනෙකු කොරොනා ආසාදිතයින් ලෙස වාර්තා විම නිසා පොලිසියේ සාමාන්‍ය රාජකාරි වලට බාධා එල්ලවි තිබෙනවා.
 
රක්වාන මහජන සෞඛ්‍ය පරික්ෂක එස්. මුණවිර පැවසුවේ රක්වාන පොලිස් ස්ථාණයේ නිලධාරීන් කිහිප දෙනෙකුට මතුවු රෝග ලක්ෂණ නිසා සිදු කරන ලද පි සි ආර් පරික්ෂණ වලදි මේ බව තහවුරු වු බවයි.

එම පොලිස් ස්ථාණයේ අංශ භාරව කටයුතු කරන නිළධාරින් කිහිප දෙනෙකු ද කොව්ඩ් ආසාදිතයින් බවට තහවුරු වී තිබෙනවා.

ඒ අනුව සුළු පැමිණිලි භාර ගැනිමද සිමා කර තිබෙනවා.
 
දැනට සතියකට පෙරදි නිලධාරීන් දෙදෙනෙකුට කොරොනා ආසාදිත වි ඇති අතර ඉන් පසු සිදු කරන ලද පි සි ආර් පරික්ෂණ වලදි සෙසු නිළධාරින්ට කොරොනා ආසාදිත බවට තහවුරු විය.