Thursday, May 16, 2024

General line - 0115112241

දින 10 කදී සුරාබදු වැරදිවලට සම්බන්ධ 1,188 දෙනෙකු අත්අඩංගුවට




නොවැම්බර් 08 වනදා සිට නොවැම්බර් 18 වනදා දක්වා වූ කාලය තුළ සුරාබදු දෙපාර්තමේන්තුව විසින් සිදු කළ වැටලීම්වලදී පුද්ගලයින් 1,188 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

නීති විරෝධී මත්පැන් ජාවාරම්වලට සම්බන්ධ 927 දෙනෙකු, අන්තරායකර ඖෂධ පනත උල්ලංඝනය කළ 109 දෙනෙකු සහ දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනත උල්ලංඝනය කළ 152 දෙදෙනෙකු ඒ අතර වන බවයි සුරාබදු දෙපාර්තමේන්තුව පැවසුවේ. 

එම වැටලීම්වලදී අත්අඩංගුවට ගන්නා ලද නඩු භාණ්ඩවල මුලු වටිනාකම රුපියල් මිලියන 10 ඉක්මවන බවද සුරාබදු දෙපාර්තමේන්තුව පැවසුවා. මෙම වැටලීම්වලින් වැඩිම වැටලීම් ප්‍රමාණයක් සිදු කර ඇත්තේ සුරාබදු මූලස්ථානයේ පිහිටුවා ඇති 1913 ක්ෂණික ඇමතුම් අංකයට ලද මහජන පැමිණිලි අනුව බවයි සුරාබදු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.