Thursday, May 16, 2024

General line - 0115112241

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත ගැන අගමැතිගෙන් පොරොන්දුවක්




අයවැය කාරක සභා අවස්ථා විවාදයේ පළමු දිනය වූ අද විවාදයට ගැණුනු වැය ශීර්ෂ 19 ක් සංශෝධන රහිතව සම්මත වුණා. 

ජනාධිපති, අග්‍රාමාත්‍ය කාර්යාලය, උපරිමාධිකරණ විනිශ්චයකාරවරු, අමාත්‍ය මණ්ඩල කාර්යාලය, පාර්ලිමේන්තුව, අධිකරණ සේවා කොමිසම, ජාතික පොලිස් කොමිසම, අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසම ඇතුලු වැය ශීර්ෂ 19 ක් අද විවාදයට ගැණුනා. 

විවාදය ආරම්භ කරමින් අදහස් දැක්වූයේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ලයි.

ආණ්ඩු පක්ෂය වෙනුවෙන් විවාදය ආරම්භ කළේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතායි.