Friday, May 17, 2024

General line - 0115112241

හෙද පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා වෘත්තිකයින් 55,000 ක් උදෑසන 07 සිට වර්ජනයේ




හෙද පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා ඇතුලු වෘත්තිය සමිති 15 ක් අද උදෑසන 07 සිට පැය 48 ක සංකේත වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර තිබෙනවා. 

සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සම්මේලනයේ සම කැදවුම්කරු සමන් රත්නප්‍රිය පැවසුවේ වැටුප් ගැටලු ඇතුලු ඉල්ලීම් 06 කට විසදුම් නොලැබීම හේතුවෙන් සෞඛ්‍ය වෘත්තිකයින් 55,000 ක් පමණ අද සහ හෙට මෙම වර්ජනයට එක්වන බවයි. 

වර්ජනයට හේතුවී ඇති කරුණු සම්බන්ධයෙන් ද සමන් රත්නප්‍රිය මෙහිදී කරුණු පැහැදිළි කළා.