බස්නාහිර පළාතේ සිදු කළ මෙහෙයුමකින් මුව ආවරණ පැළද නොසිටි පුද්ගලයින් 8,931 දෙනෙකුට පොලීසිය අවවාද කර තිබෙනවා.
එම මෙහෙයුමේදී ත්‍රීරෝද රථ සහ යතුරු පැදි 6,753 ක ගමන් කළ පුද්ගලයින් 16,418 ක් පරීක්ෂා කළ බවයි පොලීසිය පැවසුවේ. බස්නාහිර පළාත තුළ එම මෙහෙයුම ඊයේ උදෑසන 06 සිට පස්වරු 06 දක්වා ක්‍රියාත්මක කර තිබෙනවා.
කෙරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මෙම මෙහෙයුම් ඉදිරියටත් සිදු කරන බවයි බස්නාහිර පළාත් භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සඳහන් කළේ.