වැඩි මිලට ඩොලර් විකුණන කළු කඩ වෙළඳපලට එරෙහිව අවශ්‍ය පියවර ගන්නා බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසනවා.
ඔහු කියා සිටියේ මහ බැංකුව නියම කර ඇති අමෙරිකානු ඩොලරයේ අගය හා කළුකඩ වෙළඳපලේ අගය අතර වෙනස හේතුවෙන් බොහෝ විදෙස්ගත ශ්‍රමිකයින් නීතිවිරෝධී ක්‍රම හරහා මෙරටට මුදල් එවීමට පුරුදු වී ඇති බවයි.
ඉදිරියේදී විදෙස්ගත ශ්‍රමිකයින්ගේ මුදල් මෙරටට ගෙන්වා ගැනීම සඳහා වෙනත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවයි මහ බැංකු අධිපතිවරයා පැවසුවේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා පැවසුවේ ඉදිරි වසරේ ණය ගෙවීම සඳහා පැහැදිළි වැඩපිළිවෙලක් සකස් කර ඇති බවයි.