Tuesday, May 7, 2024

General line - 0115112241

රසායනික පොහොර ගෙන්වන ගැසට්ටුව අද රාත්‍රියේ




රසායනික පොහොර ගෙන්වීමට අවසර ලබාදෙමින් නිකුත් කරන ගැසට් නිවේදනය බොහෝ විට අද රාත්‍රියේ නිකුත් කරනු ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා. 

රසායනික පොහොර තහනම ඉවත් කරන බව ආණ්ඩුව නිල වශයෙන් ප්‍රකාශයට පත් කළද ඊට අදාල ගැසට් පත්‍රය මෙතෙක් පළ නොවීම හේතුවෙන් පොහොර ගෙන්වීමට නොහැකි වී ඇතැයි නෙත් නිවුස් දිගින් දිගටම පෙන්වා දුන්නා. 

අයවැය කාරක සභා විවාදය යටතේ අද දිනයේ පැවැත්වුණේ කෘෂිකර්ම  අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබද විවාදයයි. මේ, ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක. 

පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ද විවාදයට එක් වුණා. 

මේ, සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර.

මේ, ඊට ප්‍රතිචාර දැක්වූ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ.

මේ අතර කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්‍ෂ පාර්ලිමේන්තුවේදී අද පැවසුවේ පොහොර නැව හේතුවෙන් චීනය ශ්‍රී ලංකාව සමග අමනාපයෙන් පසුවන බවයි.

අයවැය කාරක සභා විවාදය යටතේ අද දිනයේ පළවු අදහස් රාත්‍රී නවය අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් බලාපොරොත්තු වන්න.