Tuesday, May 7, 2024

General line - 0115112241

නිකවැරටියේත් අභිරහස් ගින්නක් - ගෑස් කාන්දුවක් දැයි සැක




නිකවැරටිය, කන්දෙගෙදර ප්‍රදේශයේ නිවසක ගින්නක් හටගෙන තිබෙනවා. ගින්න හටගෙන ඇත්තේ නිවැසියන් ගොවිතැන් කටයුතු සදහා ගිය අවස්ථාවක වන අතර ගින්නෙන් දැඩිව හානි වී ඇත්තේ නිවසේ මුළුතැන්ගෙටයි. 

නිවැසියන් මෙන්ම අසල්වාසීන්ද සැක පළ කරන්නේ ගෑස් කාන්දුවක් හේතුවෙන් ගින්න හටගන්නට ඇති බවටයි. 

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් නිකවැරටිය පොලීසියෙන්ද විමසීමක් කළා. එහි ප්‍රකාශකයෙකු පැවසුවේ ගින්නට බලපෑ හේතුව සොයා මේ වනවිට විමර්ශන ක්‍රියාත්මක බවයි. නිවසේ තිබූ ගෑස් සිලින්ඩරයට කිසිදු හානියක් සිදුව නොමැති බවද පොලීසිය පැවසුවා.

 ගෑස් කාන්දුවකින් ගින්න සිදුවී ඇත් දැයි තහවුරු කළ නොහැකි බවද මෙහිදී අවධාරණය කෙරුණා.

මේ අතර පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, ගෑස්වල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.

මේ අතර පොළොන්නරුව, වැලිකන්ද, සදුන්පිටිය ගම්මානයේ ගෑස් කාන්දුවකින් ඇති වූ ගින්නකින් 19 හැවිරිදි කාන්තාවක් බරපතල තුවාල ලබා මියගිය බවට පළවන වාර්තා අසත්‍ය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා. 

අදාළ කාන්තාව දිවි හානි කර ගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ.