Monday, May 6, 2024

General line - 0115112241

විකෘති කොවිඩ් ප්‍රභේදය ගැන ශ්‍රී ලංකාවත් අවදියෙන්




දකුණු අප්‍රිකාවෙන් හදුනා ගැණුනු දරුණු විකෘතිතා සහිත නව කොවිඩ් ප්‍රභේදය ඕනෑම මොහොතක ශ්‍රී ලංකාවට පැමිණීමට ඉඩ ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් හේමන්ත හේරත් පවසනවා. 

ඔහු කියාසිටියේ මීට පෙර අවස්ථාවලදී මෙන් මෙවැනි කොවිඩ් ප්‍රභේද ශ්‍රී ලංකාවට ඇතුළුනොවීමටද ඉඩක් පවතින බවයි.

නෙත් නිවුස් සමග අදහස් දක්වමින් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසුවේ මෙම ප්‍රභේදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවද අවධානයෙන් පසු වන බවයි.

දරුණු විකෘතිතා සහිත සහ සීග්‍රයෙන් පැතිරිය හැකි කියන මෙම නවතම කොවිඩ් ප්‍රභේදය සම්බන්ධයෙන් මේ වනවිට ලෝකයේම අවධානය යොමුවී අවසන්. ඒ පිළිබද නවතම තොරතුරු විදෙස් ප්‍රවෘත්ති තුළින් බලාපොරොත්තු වන්න.

මේ අතර කොවිඩ් තත්ත්වය හේතුවෙන් ප්‍රමාදවී පාසල් ආරම්භ කිරීම සැලකිල්ලට ගනිමින් නත්තල් උත්සවය වෙනුවෙන් දෙසැම්බර් 23, 24, 25, 26 යන දින පමණක් නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.