Tuesday, May 7, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා වරලත් ජනමාධ්‍යවේදී ආයතනය පිහිටුවීමේ වගකීම භාර මෙහෙයුම් කමිටුව පත්කරයි 




ශ්‍රී ලංකා වරලත් ජනමාධ්‍යවේදී ආයතනය පිහිටුවීමේ වගකීම භාර මෙහෙයුම් කමිටුව පත් කර තිබෙනවා. 

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී විජේවීර, ශ්‍රී ලංකා විද්‍යුත් විකාශයන්ගේ සංගමයේ සභාපති සහ නෙත් එෆ් එම් රේඩියෝවේ ප්‍රධාන විධායක නිලධාරී, අසංග ජයසූරිය ඇතුළු සාමාජිකයන් 13 ක් එම කමිටුවට ඇතුළත් වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ.

ජනමාධ්‍ය විෂය ක්‍ෂේත්‍රයේ සහතික පත්‍ර පාඨමාලාවේ සිට උපාධි සහ පශ්චාත් උපාධි මට්ටම දක්වා අධ්‍යයන අවස්ථා සැලසීමට හැකිවන පරිදි ජනමාධ්‍ය උසස් අධ්‍යාපන, පර්යේෂණ හා පුහුණු ආයතනයක් ලෙසයි ශ්‍රී ලංකා වරලත් ජනමාධ්‍යවේදී ආයතනය ස්ථාපිත කෙරෙන්නේ.