Tuesday, May 14, 2024

General line - 0115112241

පාන් ගෙඩියක් රුපියල් 100 ක් විය යුතු බව බේකරි හිමියන් කියයි 




අවම වශයෙන් මේවනවිට පාන් ගෙඩියක මිල රුපියල් 100 ක් පමණ විය යුතු බව බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. 

අද මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් ඉහළ දැමීමට එම සංගමය තීරණය කළා. 

ඒ අනුව ග්‍රෑම් 450 පාන් ගෙඩියක නව මිල රුපියල් 80 ක්. පාන් ගෙඩියක මිල ඉහළ දැමීමට ගත් තීරණය සම්බන්ධයෙන් අද පැවැති මාධ්‍ය හමුවකදී බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන් කේ ජයවර්ධන මෙලෙස අදහස් පළ කළා. 

තිරිගු පිටි මිල ඉහළ යාම හේතුවෙන් කොත්තු, බිත්තර රොටි ඇතුළු කෙටි ආහාර වර්ගවල මිල හෙට සිට ඉහළ දමන බවයි ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් අද මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළේ.