Tuesday, May 14, 2024

General line - 0115112241

විදුලිය කප්පාදු නොකරන බවට රජයෙන් සහතිකයක්




රට තුළ පවතින ඩොලර් අර්බුදය හමුවේ කිසිසේත් විදුලිය කප්පාදු නොකරන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා.

ඒ, අද දිනයට නියමිත අයවැය විවාදයට පෙර හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.  

අද දිනයේ විවාදයට ගැනෙන විදුලිබල අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශවල අයවැය විවාදයන් ඉදිරියට ගෙන යාමට නම් රට තුළ ඇති ඩොලර් සංචිත ප්‍රමාණය පිළිබද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසයි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහිදී ඉල්ලීමක් කළේ.

ඊට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පිළිතුරු ලබාදීමත් සමග හිටපු  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග මෙවන් සංවාදයක් ඇති වුණා.

මෙම සංවාදයට එක් වූ රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සදහන් කළේ ඩොලර් සංචිත සම්බන්ධයෙන් පවතින තත්ත්වය පිළිබද පාර්ලිමේන්තුව දැනුවත් කිරීමට කටයුතු කරන බවයි.

අයවැය කාරක සභා විවාදයේ  6 වන දිනය වන අද දිනයේ විවාදයට ගැනේනේ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශවල මෙන්ම සූර්යබල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශවලට වැය ශීර්ෂයන්. ඒ පිළිබද තවත් තොරතුරු සවස 6.45 අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් බලාපොරොත්තු වන්න.