Thursday, April 25, 2024

General line - 0115112241

හේමාස්, ජාත්‍යන්තර ආබාධ සහිත වූවන්ගේ දිනයවෙනුවෙන් විශේෂ ‘ආයති’ ගීතය සහ ‘Ideation Zone’එළිදක්වයි




හේමාස් සමූහ ව්‍යාපාරයේආයතනික ප්‍රජා සත්කාර අංශය වන ‘හේමාස් අවුට්රීච් පදනම’,දෙසැම්බර් 03 දිනට යෙදුණු ජාත්‍යන්තර ආබාධ සහිත වූවන්ගේ දිනය වෙනුවෙන් විශේෂ ගීතයක් එළිදැක්වීමට කටයුතු කළේය.

මෙම ගීතය ගායනා කරනු ලබන්නේ සුප්‍රකට ගායක දෙපළක් වනභාතිය හා සන්තුෂ් විසිනි. මීට අමතරව, රාගම පිහිටි, ආබාධසහිත දරුවන් සඳහා වන ආයති මධ්‍යස්ථානය තුළ ‘Ideation Zone’ නමින් විශේෂ කලාපයක් විවෘත කිරීමද මෙදින සිදුවිය.

සැබැවින්ම ශ්‍රී ලාංකික සමාගමක් වන හේමාස් හි ප්‍රාර්ථනාවවන්නේ, සෑම දරුවෙකුටම එක සේ සලකන ලොවක් නිර්මාණයවනු දැකීම ය.

එම ප්‍රාර්ථනාව පෙරදැරිව එම සමාගම 2016වසරේදී, කැළණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය, MASහෝල්ඩින්ස් පුද්. සමාගම, රොෂාන් විජේරාම පදනම සහ දිස්ත්‍රික් 3220 රොටරි සමාජය සමග එක්වී ආයති භාරය පිහිටුවා ගත්අතර, ශ්‍රී ලංකා යුධ හමුදාවේ සහයෝගය සමගින් ආයතිමධ්‍යස්ථානය ඉදිකිරීමට කටයුතු කළේ ය.

ඩවුන් සින්ඩ්‍රෝමය සහිත දරුවන් ඇතුළුව විවිධ ආබාධ වලින්පෙළෙන දරුවන් සම්බන්ධයෙන් සමාජය තුළ ඇති දුර්මත බැහැරකරවීම සඳහා ආයති මධ්‍යස්ථානය ගෙන යන වැඩපිළිවෙළටසහයෝගය දැක්වීම සඳහා භාතිය හා සන්තුෂ් විසින් ආයති ගීතයනිර්මාණය කරන ලදි.

මෙම ගීතයේ පදවැල මගින්, ආබාධ සහිතදරුවන් එදිනෙදා මුහුණ දෙන ජීවන යථාර්ථය සහ, එම දරුවන්ටආදරය හා රැකවරණය මෙන්ම අනෙකුත් දරුවන් සමග පාසල්යාමට අවස්ථාව ලබාදීමේ වැදගත්කම අවධාරණය කරයි.

එසේකිරීම මගින් එම දරුවන්ට සමාජ ඇසුරට පිවිසෙමින්, ස්වාධීනවජීවත් වීමට ඉගෙන ගනිමින්, අනාගතයේදී ස්වාධීන හා ඵලදායී පුරවැසියන් ලෙස ජීවත් වීමට අවශ්‍ය කුසලතා වර්ධනයකරගැනීමට අවස්ථාව හිමි වේ. “හේමාස් සමාගම සෑම විටම උත්සාහය කරන්නේ රටේජනතාවගේ ජීවිත සුපෝෂණය කිරීමටයි.

එම උත්සාහය තුළදී අපහේමාස් අවුට්රීච් පදනම හරහා වඩාත් අන්තර්කරණය වූලෝකයක් නිර්මාණය කිරීම සඳහා අපගේ දායකත්වයලබාදෙනවා. සෑම දරුවෙකුටම තම හැකියාවන්ගෙන් උපරිමප්‍රයෝජනය ලබාගැනීම සඳහා අවස්ථාව තිබිය යුතු බව අපගේවිශ්වාසයයි. ආබාධ සහිත දරුවන්ට සහ ඔවුන්ගේ පවුල් වලසාමාජිකයන්ට ගෞරවාන්විත ලෙස ජීවත් වීමට අවශ්‍ය පසුබිමනිර්මාණය කිරීම අප සතු යුතුකමක්.

“රට පුරා ජනතාවට සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට දොරටු විවරකරදීම සඳහා අප දරන උත්සාහයේ එක් පියවරක් වශයෙන් 2002වසරේදී අප ‘පියවර’ වැඩසටහන හඳුන්වා දුන්නා. මුල් ළමා වියසංවර්ධනය ඉලක්ක කරගත් මෙම වැඩසටහනේදී ප්‍රධානඅවධානය යොමුකෙරුණේ, අඩු පහසුකම්ලාභී පවුල් වලදරුවන්ගේ ජීවිත වඩාත් යහපත් කිරීම සඳහායි.

සෑම දරුවෙකුටමඔහුගේ හෝ ඇයගේ ජීවිතයේදී සමාන අවස්ථා හිමි විය යුතු බවඅප තරයේ විශ්වාස කරනවා. එමෙන්ම මෙම වසර ආරම්භයේදී,ඩවුන් සින්ඩ්‍රෝමය සහිත දරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂාකිරීමත්, වර්තමාන සමාජය තුළ ඔවුන්ට සමාන අවස්ථා ලබාදීමත්ඉලක්ක කරගෙන අප ‘එක සේ සලකමු’ සමාජ ව්‍යාපාරය දියත්කිරීමට කටයුතු කළා.”

හේමාස් හෝල්ඩින්ස් පී.එල්.සී. හිසමූහ ප්‍රධාන විධායක නිලධාරී කස්තුරි චෙල්ලරාජා