Tuesday, April 23, 2024

General line - 0115112241

රයිනෝ සමාගමෙන් රටේ ආර්ථිකයට දැවැන්ත දායකත්වයක්




2021 දෙසැම්බර් 15, කොළඹ: වහල සෙවිලි කිරීමේ නිෂ්පාදන සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛයා වන රයිනෝ රූෆිං ප්‍රඩක්ට්ස් සමාගම, 2021 දෙසැම්බර් 14 දින වන විට සෙවිලි තහඩු කන්ටේනර් 1,000 ක් දකුණු ආසියානු රටවල් වෙත අපනයනය කරමින් මූලික සන්ධිස්ථානයක් පසුකිරීමට සමත් වී තිබේ. 

මෙය සැමරීමට සංවිධානය කරන ලද විශේෂ උත්සවයට ගරු මුදල් අමාත්‍ය බැසිල්රා ජපක්ෂ මහතා සහ රයිනෝ රූෆිං ප්‍රඩක්ට්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ඊ. ජේ. ඥානම් මහතා ප්‍රමුඛව, සම්භාවනීය අමුත්තන් සහ සමාගමේ කළමනාකාරීත්වයේ සාමාජික සාමාජිකාවන් ඇතුළු පිරිසක් එක්වූහ.

ශ්‍රී ලංකා අපනයන මණ්ඩලය විසින් සංවිධානය කරන ලද 24 වන ජනාධිපති අපනයන සම්මාන උළෙලේදී 2020/21 කාලසීමාව සඳහා අගය එකතු කළ ඛනිජ අංශයේ විශිෂ්ටතම අපනයනකරු ලෙස සම්මානයෙන් පිදුම් ලැබීමටද රයිනෝ රූෆිං ප්‍රඩක්ට්ස් සමාගම සමත් විය. මෙය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට රයිනෝ සමාගම දක්වන සුවිශාල දායකත්වය නැවත වරක් තහවුරු කිරීමකි.

“අඛණ්ඩ වැඩිදියුණු කිරීම් සහ, ජාත්‍යන්තර තලයේ තාක්ෂණයන් වෙනුවෙන්සි දුකරන ආයෝජනයන් නිසා, පාරිභෝගිකයන්ට ඉහළම වටිනාකම් තිළිණ කරමින්, මේ අභියෝගකාරී කාලපරිඡේදය තුළ පවා ජාතික ආර්ථිකයට විශාල දායකත්වයක් දැක්වීමට අපට හැකිවුණා. සියයට සියයක්ම දේශීය සමාගමක් ලෙස, දශක ගණනාවක් තිස්සේ අපගේ අවධානය යොමු වී තිබුණේ විශිෂ්ටතම ප්‍රමිතියකින් යුත් නිෂ්පාදන වෙළඳපොළට හඳුන්වා දීමටයි. 

මේ වනවිට, අප වෙළඳපොළට සපයන උසස් තත්ත්වයේ වහල සෙවිලි කිරීමේ නිෂ්පාදන සඳහා ඇති ඉල්ලුම තවදුරටත් වැඩිකර ගනිමින්, ජාත්‍යන්තර සමාගම් සමග තරග කිරීමට හැකි මට්ටමට රයිනෝ නාමය වැඩිදියුණු කිරීමට අපට හැකි වී තිබෙනවා.”

රයිනෝ රූෆිං ප්‍රඩක්ට්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ඊ. ජේ. ඥානම් මහතා පැවසී ය.

අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක සුරේෂ් ද මෙල්, ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ පසන් වනිගසේකර, ශ්‍රී ලංකාවේ වැඩ බලන පාකිස්ථාන මහ කොමසාරිස් තන්වීර් අහමඩ්, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් මිලින්ද රාජපක්ෂ, වාණිජ දෙපාර්තමේන්තුවේ වාණිජ අධ්‍යක්ෂ සහ වෙළෙඳ ප්‍රවර්ධන ප්‍රධානී, ජී එල්ඥා නදේව සහ ශ්‍රී ලංකා පාකිස්ථාන ව්‍යාපාර මණ්ඩලයේ සභාපති සෝමසුන්දරම්දේ වනායගම් යන මහත්වරුද මෙම අවස්ථාවට සහභාගී වූහ.

සාම්ප්‍රදායික නොවන අපනයන කාණ්ඩයක් යටතේ රයිනෝ රූෆිං ප්‍රඩක්ට්ස්ස මාගම අත්කරගත් සාර්ථකත්වය අගයමින්, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී සුරේෂ් ද මෙල් මහතා විසින් රයිනෝ රූෆිං ප්‍රඩක්ට්ස් සමාගමේ අධ්‍යක්ෂ ජූඩ් ප්‍රනාන්දු මහතා වෙත සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදි.

“උසස් තත්ත්වය සහ තිරසාරත්වය වෙනුවෙන් කැපවෙමින්, සැබැවින්ම ජාත්‍යන්තර සමාගමක් බවට පත්වීම සඳහා අප යන මේ ගමනේදී, ගරු අමාත්‍යතුමන් ප්‍රමුඛව සියලුම රාජ්‍ය නිලධාරීන් අප වෙත ලබාදෙන සහයෝගය අප බෙහෙවින් අගය කරනවා. එමෙන්ම COVID-19 වසංගත තත්ත්වය හමුවේ පවා දේශීය නිෂ්පාදන කටයුතු පුළුල් කරමින් සහ ජාත්‍යන්තර වෙළඳපොළට පිවිසෙමින්රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා උපකාරී වූ අපගේ කාර්ය මණ්ඩලයේ කැපවීම අපට මහත් ආඩම්බරයක්. ඉදිරියේදී ගෝලීය වෙළඳපොළ තුළ නව අවස්ථාවන් හඳුනා ගනිමින්, ශ්‍රී ලංකාවේ අපනයන ආදායමට මීටත් වඩා ඉහළ දායකත්වයක් දක්වන සමාගමක් බවට පත්වීම අපගේ ඉලක්කයයි.” ඊ. ජේ. ඥානම්මහතා වැඩිදුරටත් පැවසී ය.

ශ්‍රී ලංකාවේ රයිනෝ රූෆිං කර්මාන්තශාලාව ජාත්‍යන්තර මට්ටමේ පහසුකම් වලින්ස මන්විත වන අතර, එහිදී නවීනතම තාක්ෂණය, විශිෂ්ට ප්‍රමිතියෙන් යුත් අමුද්‍රව්‍ය සහ ජාත්‍යන්තර තලයේ නිෂ්පාදන ක්‍රියාවලි භාවිතා වේ. එමෙන්ම බලශක්ති භාවිතය අවම කරමින් ස්වාභාවික සම්පත් සුරැකීමට දායක වීමටත්, කසළ ප්‍රතිචක්‍රීකරණය කරමින් පරිසර දූෂණය අවම කිරීමටත් සමාගම ප්‍රමුඛත්වය ලබා දී ඇත. 

වගකීම් සහගත සමාගමක් ලෙස රයිනෝ රූෆිං ප්‍රඩක්ට්ස් සමාගම තිරසාර ක්‍රමවේදයන් භාවිතා කිරීමටත්, ජනතාවගේ සුභසාධනය සහතික කිරීමටත් කටයුතු කරයි. ජනතාව, නිෂ්පාදන, ප්‍රජාව සහ පරිසරය යන මූලික පදනම් ඔස්සේ තම ව්‍යාපාර ක්‍රමෝපාය හැඩගස්වා ගනිමින්, 2030 වසර වනවිට තම කාබන්පි යසටහන ශූන්‍ය කරගැනීමේ අරමුණින් යුතුව රයිනෝ රූෆිං ප්‍රඩක්ට්ස් සමාගම සාර්ථක හා තිරසාර ඉදිරි ගමනක නිරත වී සිටී.