Thursday, May 16, 2024

General line - 0115112241

ලෝක රූ රැජින තරගය කල් යයි : තරගාකරියන් රැසකට කොවිඩ් ආසාදනය වෙයි




අද දිනයේදී පෝටෝ රිකෝ හිදී පැවැත්වීමට නියමිතව තිබු මෙම වසරේ ලෝක රූ රැජින තරඟය කල් දැමීමට සංවිධායක මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ එම තරගය සඳහා සහභාගිවන තරගකාරියන් 97 දෙනා ගෙන් 23 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනයවිම හේතුවෙන්.

තරඟය ආරම්භ වීමට පැය කිහිපයකට පෙර නිවේදනයක් නිකුත් කරමින් තරග සංවිධායකයින් පැවසුවේ "තරඟකරුවන්ගේ, කාර්ය මණ්ඩලයේ, කාර්ය මණ්ඩලයේ සහ සාමාන්‍ය ජනතාවගේ සෞඛ්‍යය සහ ආරක්ෂාව පිළිබඳව" අවදානය යොමු කරමින්  අවසන් තරඟය නැවත වෙනත් දිනයක පැවැත්වීමට කටයුතු යොදන බවයි.

මේ අතර ලෝක රූ රැජිණ තරගාවලියට සහභාගී වී සිටින මැලේසියාවේ තරගකාරිය වන  Lavanya Sivaji හටද වෛරසය ආසාදනය වී ඇති බව ඇය ගේ නියෝජිතයා විසින් සමාජ මාධ්‍ය සටහනක් තබමින් ප්‍රකාශ කර සිටියා.

මිට අමතරව ඉන්දුනීසියාවේ රූ රැජිණ වන Pricilia Carla Yules හට ද කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති අතර ඇය මේ වන විට නිරෝධායනය වෙමින් සිටින බවයි සඳහන් වන්නේ.

පෝටෝ රිකෝ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වසංගත රෝග විද්‍යාඥ මෙලිසා මර්සාන් වාර්තාකරුවන්ට පැවසුවේ ලෝක රූ රැජින සමඟ සම්බන්ධ කොවිඩ්  සිද්ධීන් 38 ක් ඇති බවයි. ඒ අතර කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් 15 ක් සහ තරඟකාරියන් 23 ක් වන බවයි.