Friday, May 17, 2024

General line - 0115112241

බුද්ධගයා ප්‍රහාරයේ ත්‍රස්තවාදීන් තිදෙනෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්




බුද්ධගායාවේ 2018 වසරේ දී සිදු වූ බෝම්බ පිපිරීමට සම්බන්ධ පුද්ගලයින් තිදෙනෙකුට බිහාර් අධිකරණයක් විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබෙනවා. 

වරද පිළිගත්, පුද්ගලයින් අට දෙනෙකුට ඊයේ දිනයේදී දඬුවම් නියම කර ඇති අතර ඉන් තිදෙනෙකුට මෙලෙස ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළ බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා සඳහන් කළේ. 

අහමඩ් අලී, නූර් අලාම් සහ පයිගම්බර් ෂෙයික් යන අයට මෙලෙස ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම කර තිබෙනවා. අධිකරණය නියෝග කර ඇත්තේ සෙසු පුද්ගලයින් පස් දෙනා වසර 10 බැගින් බන්ධනාගාරගත කරන ලෙසයි. 2018 වසරේ ජනවාරි මස 19 දා මෙම ප්‍රහාරය එල්ලවී තිබුණා.