Sunday, May 12, 2024

General line - 0115112241

රට පුරා වෛද්‍ය වර්ජනයෙන් රෝගීන් අසරණ වෙයි




ගෑස්, එළවලු, කිරිපිටි, ඉන්ධන ඇතුලු ප්‍රශ්ණවලින් පීඩාවට පත්ව සිටින ජනතාවට අදත් අසරණවීමට සිදු වුණා. 

ඒ, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කළ දීපව්‍යාප්ත වැඩවර්ජනය හේතුවෙන්. 

රෝහල් රැසක කටයුතුවලට ද මේ හේතුවෙන් සිදුවූයේ දැඩි බාධාවක්. ඒ හේතුවෙන් ජනතාව පත්වූයේ දැඩි දුෂ්කරතාවකටයි. ප්‍රතිකාර සහ ඖෂධ ලබාගැනීමේ අරමුණින් රෝහල්වෙත පැමිණි බොහෝ පිරිසකට අද හිස් අතින් ආපසු හැරී යාමට සිදු වුණා.

විවිධ ප්‍රශ්ණ නිසා පීඩාවට පත්ව ඇති ජනතාව තවදුරටත් පීඩාවට පත්කරන්නේ ඇයි ? නෙත් නිවුස් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේගෙන් ප්‍රශ්ණ කළා.

මෙම චෝදනාව සම්බන්ධයෙන් නෙත් නිවුස් වෛද්‍ය සේවා පිළිබඳ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ජී විජේසූරියගෙන් විමසීමක් කළා.

කෙසේවෙතත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ ගැටලුව නිවැරදි කරනතුරු වර්ජනය අත්නොහරින බවයි.