Sunday, May 12, 2024

General line - 0115112241

රටේ උද්ධමනය යළි වාර්තාගත ලෙස ඉහළට




ඉකුත් නොවැම්බර් මාසයේ දී ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ වාර්ෂික සාමාන්‍ය මතුපිට උද්ධමනය සියයට 6 යි දශම 2 දක්වා ඉහළ ගොස් තිබෙනවා. වාර්ෂික ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය සියයට 11 යි දශම 1 ක් දක්වා ද ඉහළ ගොස් ඇති බවයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසන්නේ. 

ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, ඔක්තෝබර් මාසයේ පැවති සියයට 8 යි දශම 3 සිට නොවැම්බර් මාසයේ දී සියයට 11 යි දශම 1 දක්වා ඉහළ ගොස් තිබුණා. 

උද්ධමනය සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් හේතු වී ඇති බවයි ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසන්නේ. 

ඒ අනුව, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය ඔක්තෝබර් මාසයේ දී පැවති සියයට 11 යි දශම 7හි සිට නොවැම්බර් මාසයේ දී සියයට 16 යි දශම 9 දක්වා ඉහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය ඔක්තෝබර් මාසයේ පැවති සියයට 5 යි දශම 4හි සිට නොවැම්බර් මාසයේ දී සියයට 6 යි දශම 2 දක්වා ඉහළ ගොස් තිබෙනවා. 

නොවැම්බර් මාසයේ දී ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි මාසික වෙනස සියයට 3 යි දශම 1 යි 4 ක් ලෙස වාර්තා වූ අතර, ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන් පිළිවෙළින්, සියයට 2 යි දශම 6 යි 1 කින් සහ සියයට 0 යි දශම 5 යි 3කින් ඉහළ යෑම මේ සදහා හේතු වි තිබෙනවා. 

වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මූලික උද්ධමනය, 2021 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 7 යි දශම 2 හි සිට නොවැම්බර් මාසයේ දී සියයට 8 යි දශම 8 දක්වා ඉහළ ගියා. වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය, ඔක්තෝබර් මාසයේ පැවති සියයට 4 යි දශම 6 හි සිට නොවැම්බර් මාසයේ දී සියයට 5 දශම 0 දක්වා ඉහළ ගිය බවයි ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ. 

ඉන්ධන මිල වැඩිවීම හේතුවෙන් මෙරට උද්ධමනය සියයට 03 කින් වැඩිවනු ඇති බවටයි ශ්‍රී ලංකා මහ බැංකුව පුරෝකථනය කර ඇත්තේ.